සිරස්තල
දකුණු ඊශ්‍රායලයට හූති ප්‍රහාර දැඩි වෙයි, බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තර්ජනයක් සිංහල අවුරුද්දට දිවයින පුරා විශේෂ ආරක්ෂාවක් මැදපෙරදිග අර්බුදය තීරණාත්මක කඩඉමක, ට්‍රම්ප්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් නව වැට් බදු ඉන්වොයිස් ක්‍රමය මාස තුනකින් කල් යයි මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී හෙට (01) සියලුම වාහන අංක සඳහා ඉන්ධන නිකුත් කෙරේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නැව්වලට ඉරානයෙන් නව බදු පැනවෙයි: ඇමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට තහනමක් ඩුබායි වරායේ නැංගුරම් ලා තිබූ කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක් රජයේ වෛද්‍යවරුන් අද (31) සිට දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක්

සිංහල අවුරුද්දට දිවයින පුරා විශේෂ ආරක්ෂාවක්

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය

මිතුරන් සමග බෙදාගන්න

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, දිවයිනේ පිහිටි සියලුම පොලිස් ස්ථාන 608 ම ආවරණය වන පරිදි මෙම සැලසුම් ක්‍රියාත්මක වන බවයි.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන වැරදි වැළැක්වීම සඳහා පමණක් පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා යන හෝ සංචාරය කරන ජනතාවට තම දේපළවල ආරක්ෂාව වෙනුවෙන් පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී:

නිවසින් බැහැරව යාමට පෙර දොරගුළු නිසි පරිදි වසා, රන් ආභරණ, මුදල් සහ වටිනා ලේඛන පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න.

ඔබ යන බව අසල්වාසීන්ට දන්වා යන්න.

ඔබගේ පොලිස් වසමේ සිටින මහජන ආරක්ෂක කමිටු කැඳවුම්කරු දැනුවත් කිරීමට පියවර ගන්න.

නිවසේ සවිකර ඇති CCTV කැමරා පද්ධති සහ ආරක්ෂක අනතුරු සංඥා නිසි පරිදි ක්‍රියාත්මක දැයි පරීක්ෂා කරන්න.

සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේශම් වන්න: ඔබ සිටින ස්ථානය සෙල්ෆි ඡායාරූප (Selfies) හරහා ක්ෂණිකව සමාජගත කිරීමෙන් සොරසතුරන් අතට තොරතුරු පත්විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

උත්සව සමයේ සාප්පු සවාරි යන පිරිස් ඉලක්ක කරගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කිරීමේ ජාවාරම්කරුවන් සිටිය හැකි බැවින් මුදල් ගනුදෙනු කිරීමේදී අවධානයෙන් පසුවිය යුතුය. මීට අමතරව, තදබදය පවතින ස්ථානවලදී තමන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බි පිළිබඳව ද දැඩි විමසිල්ලෙන් පසුවීම වැදගත් වේ.

රථවාහන ගාල් කිරීමේදී වගකීමක් සහිත පුද්ගලයෙකු හෝ ආරක්ෂක නිලධාරියෙකු භාරයේ පමණක් වාහන නතර කර තැබීමට වගබලා ගත යුතුය. අධික වේගය, බීමත්කම, විඩාව සහ අන්තරාදායක ලෙස වාහන පැදවීම රිය අනතුරුවලට ප්‍රධානතම හේතු වන බැවින්, එවැනි වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්