සිරස්තල
ධීවර ප්‍රජාවට සහනයක්, ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය හිමිවෙයි පාර්ලිමේන්තුව අද රැස්වෙයි, දේශීය ආදායම් සහ බදු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට මාරක රිය අනතුරු ව්‍යසනයක් දක්වා ඉහළට, මේ වසරේ ගතවූ කාලය තුළ මරණ 676ක් ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්, “අද රාත්‍රී 8න් පසු දැවැන්ත ප්‍රහාරයක්” මැදපෙරදිග යුද්ධය ගෝලීය ආර්ථිකය අගාධයකට ඇද දමයි දකුණු ලෙබනනයට දරුණු ඊශ්‍රායල ප්‍රහාර හෝමාගම, පැලැන්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක් දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න අසල දරුණු අනතුරක් ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආහාර පාන මිලත් ඉහළට කොළඹට ජල කප්පාදුවක ලකුණු: කලටුවාව ජලය දින 20කට සීමා වෙයි

ධීවර ප්‍රජාවට සහනයක්, ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මැදපෙරදිග පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින මෙරට ධීවර ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින මෙරට ධීවර ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර ඊයේ (06) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

ධීවර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ලබන අප්‍රේල් 20 වනදා සිට මෙම සහනාධාර වැඩපිළිවෙළ දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන බවයි.

ධීවර බෝට්ටු වර්ගීකරණය අනුව මෙම මූල්‍ය සහනය ලබාදීමට නියමිතය:

කුඩා බෝට්ටු: ඉන්ධන ලීටරයකට රුපියල් 50ක සහනයක්.

බහුදින ධීවර බෝට්ටු: එක් මුහුදු සංචාරයක් සඳහා රුපියල් 150,000ක සෘජු දීමනාවක්.

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම නිසා ධීවර කර්මාන්තය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබුණි. මෙම සහනාධාරය හරහා ධීවර ප්‍රජාව මුහුණ දී ඇති අධික නිෂ්පාදන පිරිවැය පාලනය කිරීමටත්, මත්ස්‍ය මිල ස්ථාවරව පවත්වා ගැනීමටත් රජය අපේක්ෂා කරයි.

මෙම විශේෂ දීමනාව මගින් ධීවර පවුල් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සහන සැලසෙන අතර, යුද වාතාවරණය හමුවේ බිඳවැටුණු ධීවර ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්