පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘතයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, එය අද (08) පෙරවරු 10.00ට නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ

මිතුරන් සමග බෙදාගන්න

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, එය අද (08) පෙරවරු 10.00ට නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සක්‍රීය ශ්‍රම දායකත්වයෙන් නිම කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු පිරිවැය රුපියල් මිලියන 424කි.

ප්‍රධාන පර්යන්ත දෙකකින් සමන්විත මෙම නවීකරණ වැඩපිළිවෙළ යටතේ මගීන්ට මෙන්ම ප්‍රවාහන සේවක මණ්ඩලයට ද වඩාත් පහසුකම් සහිත නවීන පෙනුමකින් යුත් පරිශ්‍රයක් නිර්මාණය කර ඇත.

නවීකරණය කරන ලද බස් නැවතුම්පොළ මහල් තුනකින් සමන්විත වන පරිදි සියලු පහසුකම් විධිමත් කර තිබේ:

බිම් මහළ: බස් රථ ගාල් කිරීමේ අංගනය සහ මගී පර්යන්ත ලෙස භාවිත කෙරේ.

දෙවන මහළ: බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා අවශ්‍ය විවේකාගාර පහසුකම්වලින් සමන්විතය.

තෙවන මහළ: පරිපාලන කටයුතු සහ මෙහෙයුම් සේවා පවත්වාගෙන යාම සඳහා වෙන් කර ඇත.

ගුවන් හමුදාවේ ඉංජිනේරු සහ ඉදිකිරීම් අංශවල දායකත්වය මත ඉතා කෙටි කලක් තුළ මෙම නවීකරණ කටයුතු නිම කර තිබීම විශේෂත්වයකි. මෙමඟින් දිනපතා පිටකොටුව හරහා ගමන් ගන්නා දහස් සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් විධිමත් සහ පහසු ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්