ත්සව කෑම වට්ටෝරු මිලත් ඉහළට

රට තුළ පවතින උද්ධමනය සහ බදු සංශෝධන හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති උත්සව සහ ආහාර සැපයුම් ක්ෂේත්‍රයේ (Catering & Event Halls) මිල ගණන් අද (08)

මිතුරන් සමග බෙදාගන්න

රට තුළ පවතින උද්ධමනය සහ බදු සංශෝධන හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති උත්සව සහ ආහාර සැපයුම් ක්ෂේත්‍රයේ (Catering & Event Halls) මිල ගණන් අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේ, මෙලෙස මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ නව බදු ප්‍රතිපත්ති හමුවේ කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බැවින් බවයි.

මිල ගණන් ඉහළ යන ආකාරය පිළිබඳව සංගමය විසින් ලබාදුන් විස්තර පහත පරිදි වේ:

නව ඇණවුම් (මැයි මාසයේ සිට): මැයි මාසයේ සිට ලබාගන්නා සියලුම නව ඇණවුම් සඳහා පැවති මිලට වඩා 15% සිට 20% දක්වා අගයකින් මිල ඉහළ යනු ඇත.

පෙර ඇණවුම් (Pre-booked): දැනටමත් වෙන් කරවා ගෙන ඇති (Booking කර ඇති) උත්සව සඳහා ද පවතින තත්ත්වය මත 10%ක අතිරේක මිල වැඩි කිරීමක් සිදු කිරීමට සිදුවන බව සංගමය පවසයි.

භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හමුවේ සමස්ත කර්මාන්තයම කඩාවැටීමේ අවදානමක පවතින බව පෙන්වා දෙන සභාපතිවරයා, මෙම තීරණය ගැනීමට බලපෑ ප්‍රධාන සාධක කිහිපයක් පෙන්වා දුන්නේය,

  1. පවතින ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම.

  2. රජය විසින් හඳුන්වා දුන් නව වැට් (VAT) බදු සංශෝධන.

  3. ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම.

මෙම මිල වැඩි කිරීම පාරිභෝගිකයින්ට යම් පීඩනයක් වුවද, කර්මාන්තය මත යැපෙන ව්‍යාපාරිකයින් සහ දහස් සංඛ්‍යාත සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම අසීරු තීරණය ගැනීමට සිදුවූ බව සංගමය වැඩිදුරටත් කියා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්