දිවයිනේ පළාත් කිහිපයකට අද (08) පස්වරුවේ සිට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද දහවල් 12ට නිකුත් කරන ලද මෙම හදිසි පණිවිඩය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව පහත දැක්වෙන ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතුය:
පළාත්: බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ.
දිස්ත්‍රික්ක: මහනුවර සහ නුවරඑළිය.
අද පස්වරු 1:00න් පමණ පසුව මෙම ප්‍රදේශවල වැසි තත්ත්වය වර්ධනය විය හැකි අතර, වැසි සමඟ තාවකාලිකව හමන තද සුළං ද ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අකුණු පවතින අවස්ථාවලදී ආරක්ෂා වීම සඳහා,
විවෘත ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින්න, කුඹුරු, තේ වතු හෝ ජලාශ ආශ්‍රිතව කටයුතු කිරීමෙන් වළකින්න, විදුලි උපකරණ ප්‍රධාන සැපයුමෙන් විසන්ධි කර තබන්න, රූපවාහිනී ඇන්ටනා සහ දුරකථන භාවිතය සීමා කරන්න, බයිසිකල්, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.