හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් පැවැත්වූ සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (09) රාත්‍රී

මිතුරන් සමග බෙදාගන්න

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් පැවැත්වූ සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (09) රාත්‍රී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෝටල් පරිශ්‍රයේ පුද්ගලයෙකු මියගොස් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, සාදය අතරතුර ඇති වූ සුළු බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් පිරිස හෝමාගම පොලීසිය විසින් රඳවාගෙන සිටින අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි සටහන් කරගනිමින් පවතී. උත්සව සමය තුළ තරුණ ප්‍රජාව මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සමාජය තුළ දැඩි කතාබහට ලක්වී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්