සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් රැගත් පළමු නෞකාව අද (17) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් රැගත් පළමු නෞකාව අද (17) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම තහවුරු කරයි.

කලාපීය යුද ගැටුම් හේතුවෙන් මුහුදු මාර්ගවල පවතින අවහිරතා සහ අවදානම් තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම තොගය නියමිත පරිදි පැමිණීම විශේෂත්වයකි.

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, අද පැමිණීමට නියමිත මෙම නෞකාව මඟින් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවයි. මෙම තොගය සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ.

මීට අමතරව, මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් අමෙරිකා එක්සත් ජනපදයේ සිට තවත් ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ (16) ශ්‍රී ලංකාව බලා සිය ගමන ආරම්භ කර තිබේ. මැදපෙරදිග හරහා පවතින මුහුදු මාර්ගවල අවිශ්චිතතාව හේතුවෙන් විකල්ප සැපයුම් මාර්ග ඔස්සේ ඉන්ධන ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකේ.

මෙම ඉන්ධන තොග මෙරටට ළඟා වීමත් සමඟ ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන හිඟයකින් තොරව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි. කලාපීය යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල උච්චාවචනය වුවද, මෙරටට අවශ්‍ය සංචිත කළමනාකරණය කිරීමට මෙමඟින් රුකුලක් ලැබෙනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්