සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක්

ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ එමඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ එමඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල්අඟුරු බලශක්ති උත්පාදනය ආරම්භ වූ දින සිට 2026 අප්‍රේල් 16 වන දින දක්වා සිදුවූ සියලු ගනුදෙනු මෙහිදී විමර්ශනයට ලක් කෙරේ.

1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව මෙම පියවර ගෙන ඇත.

ඉහළ පෙළේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේය,

සභාපති: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා.

සාමාජික: අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා.

සාමාජික: මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා.

ලේකම්: හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී.වී. බන්දුලසේන මහතා.

මෙම කොමිෂන් සභාව හරහා පහත සඳහන් කරුණු පිළිබඳව ගැඹුරින් සොයා බැලීමට නියමිතය,

ප්‍රසම්පාදන සහ මූල්‍ය අක්‍රමිකතා: ගල්අඟුරු මිලදී ගැනීමේදී ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කර ඇත්ද සහ එමඟින් රජයට සිදුවූ මූල්‍යමය පාඩුව තක්සේරු කිරීම.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු: නියමිත ප්‍රමිතියට අනුකූල නොවන ගල්අඟුරු ආනයනය කර ඇත්ද යන්න සහ ඒවායේ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියේ පවතින දෝෂ විමර්ශනය.

විදුලි ජනන ඵලදායීතාව: ආනයනික ගල්අඟුරු භාවිතයෙන් අපේක්ෂිත විදුලි උත්පාදන මට්ටම ලබාගෙන ඇත්ද යන්න සොයා බැලීම.

කොන්දේසි කඩකිරීම්: සැපයුම්කරුවන් සමඟ ඇති කරගත් ගිවිසුම් කඩවී ඇත්නම්, ඒ වෙනුවෙන් ගෙවීම් අත්හිටුවීම වැනි පියවර ගෙන තිබේද යන්න විමසා බැලීම.

මෙම දූෂණ ක්‍රියාවන්ට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන් සහ ලංකා ගල්අඟුරු සමාගමේ බලධාරීන් මෙන්ම සැපයුම්කරුවන් ද හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොමිසම නිර්දේශ කරනු ඇත.

මීට අමතරව, අනාගතයේදී මෙවැනි වංචාවන් සිදු නොවීමට ගතයුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ විනිවිදභාවය තහවුරු කරන නව පටිපාටියක් හඳුන්වා දීම ද මෙම කොමිසමට පැවරී ඇති ප්‍රධාන කාර්යයකි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්