සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක්

අලුත් අවුරුදු නිවාඩුව නිමා කර නැවත සේවා ස්ථාන කරා සහ කොළඹ බලා පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය සේවාවක් ප්‍රකාශයට පත් කර

මිතුරන් සමග බෙදාගන්න

අලුත් අවුරුදු නිවාඩුව නිමා කර නැවත සේවා ස්ථාන කරා සහ කොළඹ බලා පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය සේවාවක් ප්‍රකාශයට පත් කර තිබේ. සාමාන්‍ය කාලසටහනට අමතරව ක්‍රියාත්මක වන මෙම විශේෂ දුම්රියන් හෙට (18) සහ අනිද්දා (19) යන දෙදින තුළ ධාවනය කිරීමට නියමිතය.

අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත යන ප්‍රධාන නගරවල සිට කොළඹ කොටුව සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා මෙම සේවාවන් ක්‍රියාත්මක වේ.

මගී ජනතාවගේ දැනගැනීම පිණිස දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ කාලසටහන පහත දැක්වේ:

1. කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර

  • කොළඹ කොටුවෙන් පිටත්වීම: පෙ.ව. 07:40 | අනුරාධපුරයට ළඟාවීම: පෙ.ව. 11:35

  • අනුරාධපුරයෙන් පිටත්වීම: ප.ව. 02:00 | කොළඹ කොටුවට ළඟාවීම: ප.ව. 06:05

2. කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර (දෙවන දුම්රිය)

  • කොළඹ කොටුවෙන් පිටත්වීම: පෙ.ව. 06:40 | අනුරාධපුරයට ළඟාවීම: පෙ.ව. 10:38

  • අනුරාධපුරයෙන් පිටත්වීම: පෙ.ව. 10:50 | කොළඹ කොටුවට ළඟාවීම: ප.ව. 02:54

3. කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර

  • කන්කසන්තුරයෙන් පිටත්වීම: පෙ.ව. 06:00 | අනුරාධපුරයට ළඟාවීම: පෙ.ව. 10:18

  • අනුරාධපුරයෙන් පිටත්වීම: පෙ.ව. 10:50 | කන්කසන්තුරයට ළඟාවීම: ප.ව. 02:22

4. මරදාන සහ මාතර අතර

  • අප්‍රේල් 18: මාතරින් පිටත්වීම ප.ව. 01:00 | මරදානට ළඟාවීම ප.ව. 04:37

  • අප්‍රේල් 19: මාතරින් පිටත්වීම පෙ.ව. 11:15 | මරදානට ළඟාවීම ප.ව. 02:47

5. මරදාන සහ බෙලිඅත්ත අතර

  • අප්‍රේල් 18: මරදානෙන් පිටත්වීම ප.ව. 04:40 | බෙලිඅත්තට ළඟාවීම ප.ව. 08:40

  • අප්‍රේල් 18 සහ 19: බෙලිඅත්තෙන් පිටත්වීම පෙ.ව. 08:20 | මරදානට ළඟාවීම ප.ව. 12:30

6. බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා (දිගු ගමන්වාරය)

  • බෙලිඅත්තෙන් පිටත්වීම: පෙ.ව. 08:55 | කොළඹ කොටුවෙන් පිටත්වීම: ප.ව. 01:15 | අනුරාධපුරයට ළඟාවීම: ප.ව. 06:47

  • අනුරාධපුරයෙන් පිටත්වීම: පෙ.ව. 05:15 | කොළඹ කොටුවෙන් පිටත්වීම: පෙ.ව. 10:30 | බෙලිඅත්තට ළඟාවීම: ප.ව. 03:00

මෙම විශේෂ දුම්රියන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තු යටතේ ධාවනය වන අතර, අවුරුදු නිවාඩුව අවසානයේ ඇති විය හැකි මගී තදබදය අවම කිරීම මෙහි මූලික අරමුණයි. මීට අමතරව සාමාන්‍ය දුම්රිය කාලසටහන ද වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බව ගමනාගමන අධිකාරී (මෙහෙයුම්) වෙනුවෙන් ජී.ඩී.ඒ. සමරසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්