දිවයිනේ ප්‍රදේශ රැසකට අද (22) දහවල් 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් දන්වා සිටී. විශේෂයෙන්ම නිරිතදිග සහ අභ්‍යන්තර ප්‍රදේශවල වැසි සහිත කාලගුණය වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතී.
දිවයිනේ නැඟෙනහිර සහ දකුණු වෙරළබඩ කලාපයේ, එනම් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.
මීට අමතරව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතුය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.