සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (29) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. රජයේ

මිතුරන් සමග බෙදාගන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (29) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙහිදී කරුණු සලකා බැලෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ, ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා සිදුකළ ලන්ඩන් සංචාරය මෙම නඩුවට පාදක වී තිබේ. එම පෞද්ගලික සංචාරය වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වූ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනවල තීරණාත්මක පියවරක් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය අප්‍රේල් 24 වනදා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ පෞද්ගලික නිවසේදී ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කළේය. පැය හතරකට ආසන්න කාලයක් පුරා ඇයගෙන් ප්‍රශ්න කර අදාළ සංචාරයට අදාළ මූල්‍යමය තොරතුරු සටහන් කරගත් බව වාර්තා වේ.

අද දින අධිකරණයේදී විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙලෙස නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති කරුණකි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්