සිරස්තල
ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී

ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනකොටස්වලට සහෝදරත්වයෙන් සහ සාමයෙන් විසිය හැකි දේශයක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

මිතුරන් සමග බෙදාගන්න

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනකොටස්වලට සහෝදරත්වයෙන් සහ සාමයෙන් විසිය හැකි දේශයක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික සමගිය තහවුරු කිරීම වෙනුවෙන් දැනට තබා ඇති ශක්තිමත් පියවර කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට ඉඩ නොතබන බව ද හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති සාම්ප්‍රදායික ”කම්බන් උළෙල” සඳහා ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයාව හින්දු චාරිත්‍රානුකූලව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දෙමළ සාහිත්‍යයේ සහ සංස්කෘතියේ වැදගත්ම මංගල්‍යයක් වන මෙම උළෙල ඇමතූ ජනාධිපතිවරයා, මනුෂ්‍යත්වය පදනම් කරගත් නව සමාජයක් ගොඩනැගීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට සුවිශේෂී වගකීමක් පැවරෙන බව පෙන්වා දුන්නේය. ජනතාව අතර සමානාත්මතාවය ඇති කිරීමට කලාත්මක ප්‍රවේශයන් මගින් ලැබෙන පිටුබලය මෙහිදී ඇගයීමට ලක්විය.

මෙරට සියලු ජන කොටස් එකමුතුවෙන් තැබීමට ජනාධිපතිවරයා දරන ප්‍රයත්නය අගයමින්, මෙවර “කම්බන් සම්මානයෙන්” පිදුම් ලැබුවේ ද අනුර කුමාර දිසානායක මහතා වීම විශේෂත්වයකි.

ශ්‍රේෂ්ඨ දෙමළ කවිවරයෙකු වූ කම්බන්ගේ නාමයෙන් 1980 වසරේදී යාපනය කේන්ද්‍ර කරගනිමින් “සමස්ත ලංකා කම්බන් කලගම්” සංවිධානය ආරම්භ කරන ලදී.

අරමුණ: තරුණ පරපුර තුළ දේශප්‍රේමය සහ සංස්කෘතික සාරධර්ම වර්ධනය කරමින් ඔවුන් යහපත් මාවතකට යොමු කිරීම.

සම්මාන: ජාති හෝ ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකික සමාජයේ උන්නතියට කැප වූ පුද්ගලයින්ට වාර්ෂිකව මෙහිදී උපහාර පුද කෙරේ.

මීට පෙර වසරවලදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රැසක් මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්