දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඉදිරි

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඉදිරි පැය 24 තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන අතිශය තද වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

පහත දැක්වෙන ප්‍රදේශවලට ඉතා තද වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී:

බස්නාහිර සහ සබරගමුව පළාත්

පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක

මෙම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයන් සහ නායයෑමේ අවදානම් සහිත බෑවුම් ප්‍රදේශ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්