නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ කිහිපයක නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ කිහිපයක නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය යාවත්කාලීන කර තිබේ. අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) පස්වරු 6.00 දක්වා ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය වලංගු වේ.

නායයෑමේ ඉහළම අවදානම සනිටුහන් කරමින් පහත දැක්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත. එම ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ පවතින බෑවුම් සහිත ස්ථානවල ජීවත්වන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් විය යුතුය,

කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට

රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නායයෑමේ, පස් කඩාවැටීමේ සහ ගිලාබැසීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත් විය යුතු 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ,

කොළඹ දිස්ත්‍රික්කය: සීතාවක සහ පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය: ඉංගිරිය සහ බුලත්සිංහල

කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම

කාලගුණික විපර්යාස පිළිබඳව මූලික අවධානය යොමු කළ යුතු 1 වන මට්ටමේ ප්‍රදේශ,

කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය: ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන

නායයෑමට පෙර දක්නට ලැබෙන පොළොවේ ඇතිවන පැලුම්, ගස් සහ විදුලි කණු ඇලවීම්, එකවර උල්පත් ජලය මතුවීම හෝ බොරවීම වැනි ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහාම ආපදා සහන සේවා නිලධාරීන් දැනුවත් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්