අයියාට වෙඩි තැබූ මල්ලි තණමල්විලදී අත්අඩංගුවට

තණමල්විල, ගගේයාය ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිය සහෝදරයාට වෙඩි තැබූ සැකකරුවෙකු දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත්ව

මිතුරන් සමග බෙදාගන්න

තණමල්විල, ගගේයාය ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිය සහෝදරයාට වෙඩි තැබූ සැකකරුවෙකු දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත්ව තිබේ.

පසුගිය (01) වනදා සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වහා විමර්ශන ආරම්භ කළ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ ස්ථානයේදීම සැකකරු කොටුකර ගෙන ඇත. වාසනාවකට මෙන් මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම සහෝදරයන් දෙදෙනාම කලක පටන් විවිධ අපරාධ රැසකට සම්බන්ධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තණමල්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්