දින 3ක ජාතික මදුරු මර්දන වැඩසටහනක් ලබන සතියේ

ලබන ජූනි 08, 09 සහ 10 යන දිනවල දිවයින පුරා විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ

මිතුරන් සමග බෙදාගන්න

ලබන ජූනි 08, 09 සහ 10 යන දිනවල දිවයින පුරා විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ (05) සුවසිරිපාය ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරුණු අතර, එහිදී පසුගිය වෙසක් උත්සව සමයේ සිදු වූ මාර්ග අනතුරු පිළිබඳ විශේෂ සමාලෝචනයක් ද සිදු කෙරිණි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ, 2025 වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ 10,000ක පමණ කැපී පෙනෙන වර්ධනයක් පවතින බවයි. ඒ අනුව 2026 ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 35,300ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 50%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි. පසුගියදා ඇති වූ ගංවතුර ඇතුළු ස්වභාවික ව්‍යසන තත්ත්වය, නිසි ලෙස කසළ කළමනාකරණය නොවීම සහ වර්ෂාපතනය ඉහළ යාම මීට ප්‍රධාන හේතු වී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්