සිරස්තල
නේරු සහ ඉන්දිරා පරදා මෝදි ඉතිහාසය අලුත් කරයි ‘එල් නිනෝ’ අවදානම ලබන මාසයේ සිට ලංකාවට අලුත්ගම ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස 2ක් කුඩු කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි

‘එල් නිනෝ’ අවදානම ලබන මාසයේ සිට ලංකාවට

ලෝක දේශගුණික රටාවන් උඩුයටිකුරු කරන ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධියේ බලපෑම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ කාලගුණය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි කාලගුණ විද්‍යා

මිතුරන් සමග බෙදාගන්න

ලෝක දේශගුණික රටාවන් උඩුයටිකුරු කරන ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධියේ බලපෑම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ කාලගුණය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි.

පැසිෆික් සාගරය ආශ්‍රිතව දැනටමත් මෙම දේශගුණික විපර්යාසය සක්‍රිය මට්ටමින් වර්ධනය වී ඇති අතර, මෙරට කාලගුණයට ඉන් එල්ල වන බලපෑම ඉදිරි මාස 11ක පමණ දීර්ඝ කාලසීමාවක් පුරා විවිධ මට්ටම්වලින් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික නිරීක්ෂණවලට අනුව, මෙම ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රටට ලැබීමට නියමිත නිරිතදිග මෝසම් වැසි (South-West Monsoon) කෙරෙහි සෘජු හා අහිතකර බලපෑම් එල්ල වීමේ ඉඩකඩක් පවතියි. ඇතැම් විට මෝසම් වැසි සක්‍රිය වීම ප්‍රමාද වීම හෝ වර්ෂාපතන ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු මට්ටමකින් පහත වැටීම මින් සිදුවිය හැකිය.

මෙමඟින් දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් පහත වැටීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා එල්ල වීම සහ ඉදිරියේදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් (Drought) රට තුළ නිර්මාණය වීමේ අවදානමක් ද මතු වේ.

‘එල් නිනෝ’ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට, ජල සැපයුමට සහ විදුලි උත්පාදනයට සිදුවිය හැකි දැවැන්ත බලපෑම කළමනාකරණය කරගැනීම සඳහා වන විශේෂ සහ හදිසි රාජ්‍ය සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. මෙමඟින් අර්බුදයට පිළියම් යෙදීම සහ මහජනතාව මෙන්ම ගොවි ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙලක් සකස් කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්