සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි

කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත්

මිතුරන් සමග බෙදාගන්න

කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි.

මෙරට ගොවිතැනට විශාල හානි සිදු කරන රිළා උවදුර මැඩීම සඳහා වත්මන් රජය විවිධ යෝජනා ඉදිරිපත් කළ අතර එහි එක් පියවරක් ලෙස වන සතුන් ගණනය කිරිමද පසුගියදා සිදු විය.

කෙසේ නමුත් රිළවුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සඳහා රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී තීරණය කර තිබිණ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්