සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි ගත් සුඛෝපභෝගී බස් රථය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. එම

මිතුරන් සමග බෙදාගන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

එම අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයකු පමණක් එම බස්රථයේ සිට ඇති බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු  කර ඇති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පැය කීපයක් ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව ද පොලිසිය කීය.

දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්