සිරස්තල
සුප්‍රකට අයිවරියානු රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවට ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට

කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයක්

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ

මිතුරන් සමග බෙදාගන්න

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෑගල්ල රෝහල තුළ සේවය කළ මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකු විසින් රෝහල් පරිශ්‍රය තුළදී පහර අද (28) පස්වරුවේදී පහරදීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සඳහන් කරනුයේ සිද්ධිය පිළිබඳ සිය සංගමය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවට තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය පළ කරන බවත්ය.

රෝහල් පද්ධතිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් වනු ඇති බවද ලේකම්වරයා සිය ලිපිය මගින් දන්වා තිබේ.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා වෛද්‍යවරුන් හා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි වෛරය පැතිරවීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට රජය මැදිහත් විය යුතු බවත් සඳහන් කර ඇති වෛද්‍ය ලක්මිණ මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධව සිදුකරනු ලබන බල කිරීමක් වශයෙන් සිය සංගමය හෙට දහවල් 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හා එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බවත් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්