සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

සා. පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අනිද්දා සිට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ ඇගයීම් මධ්‍යස්ථාන 1066 ක්

මිතුරන් සමග බෙදාගන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ඇගයීම් මධ්‍යස්ථාන 1066 ක් තුලදීයි.

අප්‍රේල් 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කෙරෙනු ඇත.

ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16000 කට ආසන්නයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත් විය.

මේ අතර 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්