සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

අද (7) ඔබේ සෙවනැල්ල නැති වෙයි

කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් අද 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය.

මිතුරන් සමග බෙදාගන්න

කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් අද 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා,

“ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ඨි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවනැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්.  මේ තත්ත්වය 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා.”

“අපේ රට ඇතුළට සූර්යා පැමිණෙන්නේ 4 වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් 5 එළමල්දෙණිය, අප්‍රේල් 6 කළුතර, අප්‍රේල් 7 කොළඹ – කැලණිය, අප්‍රේල් 8 නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වෙනවා. 15 වනදා පේදුරුතුඩුවෙන් සූර්යා අපේ රටෙන් ඉවත්වෙලා යනවා.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්