සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

අවුරුදු සදහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් හෙට

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් හෙට (09) සිට 21වනදා දක්වා සකස් කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්

මිතුරන් සමග බෙදාගන්න

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් හෙට (09) සිට 21වනදා දක්වා සකස් කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව මහනුවර, පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් දුර ගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්