සිරස්තල
‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි

කොටහේන ප්‍රදේශයේදී මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

කොටහේන – බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්.

මිතුරන් සමග බෙදාගන්න

කොටහේන – බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්.

ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු සිය ගැබිණි බිරිද සහ මව සමග ආහාර මිලදී ගැනීම සදහා කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත පැමිණ තිබෙනවා.

පසුව ඔහු පණ ගන්වා තිබූ මෝටර් රථය තුළ බිරිඳ සහ මව සිටියදී අසල පිහිටි අවන්හලක් වෙත ගොස් ඇත්තේ ආහාර මිලදී ගැනීම සදහායි.

එම අවස්ථාවේ පුද්ගලයෙකු පැමින බිරිඳ සහ මව සමගම පණ ගන්වා තිබූ මෝටර් රථය පැහැරගෙන ගොස් තිබෙනවා.

එහිදී විමර්ශන කටයුත්තක් සදහා එම ප්‍රදේශයට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසකට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව, ඔවුන් වහාම ක්‍රියාත්මක වී පැහැර ගෙන යමින් තිබූ මෝටර් රථය ලුහුබැද තිබෙනවා.

රාජකාරි පිස්තෝල ගිනිඅවියෙන් මෝටර් රථය දෙසට වෙඩි ප්‍රහාර දෙකක් ද එල් කර ඇති අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී සැකකරු මෝටර් රථය දමා පළා ගොස් තිබුණා.

මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ තුළ සිට කාන්තාවන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්