සිරස්තල
ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි

ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව

මිතුරන් සමග බෙදාගන්න

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ දුම්රිය කාලසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් සිය ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමේ හැකියාව ඇති බවය.

ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ

තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්