පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියේ අභ්‍යාවකාශ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි.
ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගමට අයත් රොකට්ටුවක් මගින් අද (14) පෙ.ව. 8.30ට ඔවුන් අභ්‍යවකාශයට පිටත්ව ගියා. ඔවුන් පෘථිවි කර්මන් රේඛාව පසු කර නැවත පෘථිවියට පැමිණියා.
කර්මන් රේඛාව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100ක් ඉහළින් පිහිටා ඇති අතර එය අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙනවා. සාම්ප්‍රදායික ගුවන් යානාවලට ප්‍රචාලන පද්ධතියක් නොමැතිව එම ස්ථානයට පියාසර කරන්නට නොහැකි වේ.
මෙම අභ්‍යාවකාශ සංචාරයට කේටි පෙරීට අමතරව බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් හා චිත්‍රපට නිෂ්පාදකවරියක්ද එක්ව සිටියා.
වසර 62කට පසු, 1963දී වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ අභ්‍යාවකාශ ගමනෙන් පසුව, කාන්තා කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව මෙයයි.
පොප් ගායිකා පෙරී සිය ඓතිහාසික ගමන නිමා කරමින් පැවසුවේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” කියායි.