සිරි දළඳා වන්දනාව එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 18 වනදා සිට 28 වනදා දක්වා විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පවසන්නේ සිරි දළඳා වන්දනාව සඳහා පැමිණිය හැකි ප්‍රවේශ මාර්ගයන් ඇතුළත් සිතියමක් මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.