හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට

හෙට (16) සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වීමට නියමිතයි. මහනුවර දළදා මාලිගා භූමියේ නාථ දේවාල පරිශ්‍රයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම උත්සවය පැවැත්වීමට

මිතුරන් සමග බෙදාගන්න

හෙට (16) සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වීමට නියමිතයි.

මහනුවර දළදා මාලිගා භූමියේ නාථ දේවාල පරිශ්‍රයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙනු ඇති.

අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් ආකාරයට, හෙට උදෑසන 09.04 ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති ඇඳුම්වලින් සැරසී, උතුරු දිශාව බලා, හිසට කොහොඹ පත් සහ පාදවලට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම සුදුසුයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්