සිරස්තල
Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට ඉන්ධන බෙදාහැරීම ඒකාධිකාරියකට?

සිරි දළදා වන්දනා කිරීම සදහා ප්‍රවේශ මාර්ග තුනක්

අප්‍රේල් 18 වනදා ආරම්භ වන ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව විසින් කටයුතු කර තිබෙනවා. ඒ

මිතුරන් සමග බෙදාගන්න

අප්‍රේල් 18 වනදා ආරම්භ වන ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමලය වීදිය) සිට දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වා ගමන් කළ හැකි මාර්ගයක්, රතු බොක්කුව සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) ඔස්සේ දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා ඇති පෝලිම් මාර්ගයක් සහ රතු බොක්කුව සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) ඔස්සේ දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව දක්වා ඇති පෝලිම් මාර්ගයක් ලෙස මෙම ප්‍රවේශ මාර්ග 03 හඳුන්වා දී තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ආරම්භ වන අතර දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්