සිරස්තල
“ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ

නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් නුවරඑළිය නගරයට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. මෙහි පැමිණි දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන්

මිතුරන් සමග බෙදාගන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් නුවරඑළිය නගරයට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. මෙහි පැමිණි දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් නුවරඑළිය මහ නගර සභා සීමාවට ආසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල්වල සියලුම කාමර පිරී ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමය පවසනවා.

නුවරඑළිය වසන්ත උද්‍යානය නැරඹීමට මෙම සංචාරකයින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුළු නුවරඑළියේ ජනප්‍රිය සංචාරක ස්ථානවල වැඩි වශයෙන් ගැවසෙනවා.

සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් නුවරඑළිය මහ නගර සභාව විසින් සපයා ඇති අතර, පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්