සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් නුවරඑළිය නගරයට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. මෙහි පැමිණි දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් නුවරඑළිය මහ නගර සභා සීමාවට ආසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල්වල සියලුම කාමර පිරී ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමය පවසනවා.
නුවරඑළිය වසන්ත උද්‍යානය නැරඹීමට මෙම සංචාරකයින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුළු නුවරඑළියේ ජනප්‍රිය සංචාරක ස්ථානවල වැඩි වශයෙන් ගැවසෙනවා.
සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් නුවරඑළිය මහ නගර සභාව විසින් සපයා ඇති අතර, පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.