නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දිගු නිවාඩුවකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (16) ගනුදෙනු ආරම්භ කළ අතර කොටස් මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක

මිතුරන් සමග බෙදාගන්න

දිගු නිවාඩුවකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (16) ගනුදෙනු ආරම්භ කළ අතර කොටස් මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68 කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙස වාර්තා වුණා.

S&P SL20 දර්ශකය ඒකක 29.95 කින් වර්ධනය වී ඒකක 4,644.49 ක් ලෙස සටහන් වුණා.

කොටස් මිල දර්ශක ඉහළ ගියත්, අද දවසේ ගනුදෙනු පිරිවැටුම පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා අඩු මට්ටමකයි පැවතුණේ.

අද දවසේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 792 ක් ලෙස වාර්තා වුණා.

දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 781ක් සහ දේශීය විකුණුම් රුපියල් මිලියන 730ක් ලෙසයි සටහන් වුණේ.

විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 11ක් වැනි ඉතා අඩු අගයක පැවති අතර, විදේශීය විකුණුම් රුපියල් මිලියන 61ක් ලෙස වාර්තා වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්