සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

දළදා වන්දනාව වෙනුවෙන් අද සිට විශේෂ රථවාහන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී දළදා මාලිගාවේ වන්දනා කටයුතු වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක වේ. බැතිමතුන් පැමිණෙන වාහන මහනුවර නගරයට ඇතුළු වීම හේතුවෙන් නගරයේ රථවාහන තදබදය

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී දළදා මාලිගාවේ වන්දනා කටයුතු වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක වේ.

බැතිමතුන් පැමිණෙන වාහන මහනුවර නගරයට ඇතුළු වීම හේතුවෙන් නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වාහන නගරයට ඇතුළු වීම අද සිට සීමා කරන බව පොලීසිය පවසයි.

දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා විශේෂ ස්ථාන සකසා ඇති අතර එම ස්ථානවල සිට දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

දළදා වන්දනාවෙන් පසු බැතිමතුන්ට නැවත වාහන නවතා ඇති ස්ථාන වෙත යාමට පොදු ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථවාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා පැවසීය.

දළදා වන්දනාව හෙට (18) පස්වරු 3.30 ට ආරම්භ වී පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

ඉන්පසු 19 සිට 27 දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව පැවැත්වීමට නියමිතය.

දළදා වන්දනාව සඳහා ලක්ෂ 20 කට වැඩි දේශීය හා විදේශීය බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.

මේ හේතුවෙන් මහනුවර නගරය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ජනතාව පරීක්ෂා කිරීම, රථවාහන පාලනය සහ මාර්ග බාධක රාජකාරි සඳහා රජයේ නිලධාරීන් 35 ක් ඇතුළුව පොලිස් නිලධාරීන් 10,000 කට වැඩි පිරිසක් යොදවා ඇත.

බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, පොලිස් සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා ඇත.

දළදා වන්දනාවට පැමිණීමේදී සුදු ඇඳුම්වලින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ සහ අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්