සිරස්තල
බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරයේ මැද පිටත්ව යයි සුප්‍රකට අයිවරියානු රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවට ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

යෝගට් සහ දියර කිරි සඳහා වැට් බද්ද ඉවත් කෙරේ

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක්

මිතුරන් සමග බෙදාගන්න

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දෙයි.

මෙම බදු සහනය සඳහා නිෂ්පාදිත දියර කිරි සහ යෝගට්වල අවම වශයෙන් 50% ක් නැවුම් කිරි අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම වෙනස සිදු වන්නේ, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අප්‍රේල් 11 වන දින මෙම පනතට අනුමැතිය ලබා දුන් අතර, එදින සිට එය බලාත්මක වේ.

විදුලි උත්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.

විදේශීය පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන් සඳහා ඔක්තෝබර් 01 වන දින සිට වැට් බද්දක් අය කිරීමට ද රජය තීරණය කර ඇත.

වාණිජ කටයුතු සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ ලියාපදිංචි වීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්