සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ජනාධිපතිගේ සහභාගීත්වයෙන් අද සිරි දළදා වන්දනාව ආරම්භ වේ

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනා උත්සවය හෙට (18) ආරම්භ වේ. හෙට දහවල් 12.30 ට පමණ ආරම්භ වන මෙම උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක

මිතුරන් සමග බෙදාගන්න

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනා උත්සවය හෙට (18) ආරම්භ වේ.

හෙට දහවල් 12.30 ට පමණ ආරම්භ වන මෙම උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිතය.

විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන අතර, ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත සහ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කරන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් 27 දක්වා දින 10 ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන හෙට (18) පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා බැතිමතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර ඉන්පසු (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව උදා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්