සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

ජනාධිපතිගේ සහභාගීත්වයෙන් අද සිරි දළදා වන්දනාව ආරම්භ වේ

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනා උත්සවය හෙට (18) ආරම්භ වේ. හෙට දහවල් 12.30 ට පමණ ආරම්භ වන මෙම උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක

මිතුරන් සමග බෙදාගන්න

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනා උත්සවය හෙට (18) ආරම්භ වේ.

හෙට දහවල් 12.30 ට පමණ ආරම්භ වන මෙම උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිතය.

විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන අතර, ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත සහ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කරන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් 27 දක්වා දින 10 ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන හෙට (18) පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා බැතිමතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර ඉන්පසු (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව උදා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්