සිරස්තල
සමන් කොල්ලා’ගේ කුඩු බෙදූ 15ක සිසුවා හෙරොයින් සමඟ කොටු වෙයි ලෝක ශූර නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ඓතිහාසික ජයක් පොලිස් සේවාවන් ගැන අදහස් සහ පැමිණිලි සෘජුවම දැනුම් දීමට නව QR කේත පද්ධතියක් කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක් ඩෙංගු දැඩි අවදානමක ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා

මහා සිකුරාදා අදට යෙදී තිබේ

ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී දිවි පිදූ දිනය අද (18) මහ සිකුරාදා ලෙස සමරයි. යේසුස් ක්‍රිස්තුස්ගේ දුක් විඳීම සිහිපත් කරමින් කිතුනුවන් අළු

මිතුරන් සමග බෙදාගන්න

ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී දිවි පිදූ දිනය අද (18) මහ සිකුරාදා ලෙස සමරයි.

යේසුස් ක්‍රිස්තුස්ගේ දුක් විඳීම සිහිපත් කරමින් කිතුනුවන් අළු බදාදා සිට දින 40 ක් පුරා නිරාහාරව සිටීම, පරිත්‍යාග කිරීම සහ ක්‍රිස්තුස්ගේ කුරුස ගමන සිහිපත් කරමින් පාද වන්දනාවේ යෙදීම වැනි ආගමික වතාවත්වල නිරත වේ.

යේසුස් ක්‍රිස්තුස්ගේ කුරුසියේ මරණය අද සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් නැවත නැඟිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා එළඹෙන ඉරිදාට යෙදී ඇත.

මේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්