සිරස්තල
Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට ඉන්ධන බෙදාහැරීම ඒකාධිකාරියකට?

Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි.

එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවකින් හෙළිවේ. පසුගිය මාසයේ 260 දෙනෙකුගේ ජීවිත බිලිගත් එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරට

මිතුරන් සමග බෙදාගන්න

එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවකින් හෙළිවේ.

පසුගිය මාසයේ 260 දෙනෙකුගේ ජීවිත බිලිගත් එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරට හේතුව, එහි එන්ජින් වලට ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ලන්ඩන් බලා ගමන් කිරීමට තිබූ මෙම ගුවන් යානය, අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී මොහොතකින් නැවත පොළොවට කඩා වැටුණි. එහි සිටි එකම එක් මගියෙකු හැර අනෙක් සියලු දෙනාම මිය ගියහ.

CNN වෙත ලැබුණු ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (Aircraft Accident Investigation Bureau) වාර්තාවට අනුව, බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ නියමු කුටියේ තිබූ ඉන්ධන පාලන ස්විචයන් ක්‍රියාත්මක කිරීම නිසා එන්ජින් වලට ඉන්ධන සැපයුම ඇනහිට තිබේ. කෙසේ වෙතත්, මෙම ස්විචයන් පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කළේද නැත්නම් වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වූයේද යන්න වාර්තාවේ සඳහන් නොවේ.

විමර්ශකයන්ට ගුවන් යානයේ “කළු පෙට්ටියෙන්” දත්ත ලබා ගැනීමට හැකි වී ඇති අතර, එහි පැය 49ක පියාසැරි දත්ත සහ අනතුර සිදුවූ අවස්ථාව ඇතුළුව පැය දෙකක නියමු කුටි ශ්‍රව්‍ය පටිගත කිරීම් අඩංගු වේ.

වාර්තාවට අනුව, ගුවන් යානය පැයට නාවික සැතපුම් 180ක (180 knots) වේගයකට ළඟා වූ විට, එහි එන්ජින් දෙකේම ඉන්ධන කපා හැරීමේ ස්විචයන් තත්පරයක කාල පරතරයකින් එකින් එක ‘RUN’ සිට ‘CUTOFF’ ස්ථානයට මාරු වී ඇත.

“නියමු කුටියේ හඬ පටිගත කිරීමේදී, එක් නියමුවෙකු අනෙකාගෙන් ‘ඇයි ඔබ කපා හැරියේ’ යැයි විමසන හඬක් ඇසේ. අනෙක් නියමුවා ‘තමන් එසේ නොකළ බව’ට ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

ඉන් සුළු වේලාවකට පසු, ස්විචයන් නැවත තිබිය යුතු ස්ථානයට හරවා ඇති අතර, එන්ජින් නැවත ක්‍රියාත්මක වෙමින් තිබියදී අනතුර සිදුවී තිබේ.

787 ගුවන් යානයේ ඉන්ධන කපා හැරීමේ ස්විචයන් නියමුවන් දෙදෙනාගේම ආසන අතර, තෙරපුම් ලීවරවලට පිටුපසින් පිහිටා ඇත. ඒවායේ දෙපස ලෝහ ආවරණයක් ඇති අතර, අහම්බෙන් කපා හැරීම වැළැක්වීම සඳහා අගුලු දැමීමේ යාන්ත්‍රණයක්ද ඇත.

ගුවන් තොටුපළේ දර්ශන අනුව, ගුවන් යානය ඉහළට නැගීම ආරම්භ කරන විට හදිසි විදුලි ප්‍රභවයක් වන Ram Air Turbine ක්‍රියාත්මක වී ඇති බව වාර්තාවේ සඳහන් වේ. ගුවන් යානය ගුවන් තොටුපළේ මායිම පසු කිරීමට පෙර උස අඩුවීමට පටන් ගෙන ඇත.

එයාර් ඉන්දියා ගුවන් යානයේ නායකයා (captain) 56 හැවිරිදි අයෙකි, ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ පැය 15,000 කට වඩා පියාසර කර තිබුණි. පළමු නිලධාරියා (first officer) 32 හැවිරිදි අයෙකි, ඔහුට පැය 3,400 කට අධික පියාසැරි අත්දැකීම් තිබුණි.

විමර්ශකයන් විසින් සුන්බුන් අතරින් හමු වූ උපකරණවල සැකසුම් ගුවන්ගතවීම සඳහා සාමාන්‍ය තත්ත්වයක තිබූ බවද සඳහන් කර ඇත. ගුවන් යානයේ ඉන්ධන පරීක්ෂා කර බලා ඇති අතර ඒවා සතුටුදායක තත්ත්වයේ තිබී ඇත. ගුවන් ගමන් මාර්ගය ආසන්නයේ සැලකිය යුතු කුරුලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය නොවූ බවද වාර්තාවේ සඳහන් වේ.

එයාර් ඉන්දියා ජෙට් යානය අහමදාබාද් හි සර්දාර් වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත විය. එය ලන්ඩන් ගැට්වික් බලා ගමන් කිරීමට නියමිතව තිබූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයකි.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිටි බව එයාර් ඉන්දියා ප්‍රකාශ කර තිබුණි. අනතුරින් මුළු මරණ 260ක් සිදුවී ඇති අතර, එයට ගුවන් යානය කඩා වැටුණු BJ වෛද්‍ය විද්‍යාලය සහ රෝහල් නේවාසිකාගාරයේ සිටි පිරිසක්ද ඇතුළත් වේ.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්