සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක්

AliExpress වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. මේ වන විට සිදු කර ඇත්තේ ගාස්තු වැඩි

මිතුරන් සමග බෙදාගන්න

AliExpress වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. මේ වන විට සිදු කර ඇත්තේ ගාස්තු වැඩි කිරීමක් නොව, භාණ්ඩ සඳහා නිවැරදි ගාස්තුව අය කිරීමක් බවයි ඔහු BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.

මීට පෙර පැවති ක්‍රමය අනුව බදු අය කිරීමක් සිදු කළද, භාණ්ඩවල වටිනාකම අනුව නිවැරදිව බදු අය කිරීමක් සිදු නොකළ බවත්, එය වැරදි ආකාරයට භාවිතා වන බවට පෙනී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවත් අරුක්ගොඩ මහතා පැහැදිලි කළා.

නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කර, මාස එකහමාරකට පෙර දැනුම් දීමෙන් අනතුරුව භාණ්ඩ සඳහා ගෙවන නව ක්‍රමවේදය හඳුන්වා දුන් බව ඔහු සඳහන් කළා. ඒ අනුව, ගෙන්වන භාණ්ඩවලට නිවැරදි බද්ද ගෙවා භාණ්ඩ රැගෙන යා හැකි බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරනවාද? මෙම වෙනස්කම් ඔබට බලපාන්නේ කෙසේද?

වෙනත් පුවත්

උණුසුම් පුවත්