සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

Miss Teen Sri Lanka තරගකාරියන්ගේ සැඟවුණු දක්ෂතා කරළියට

ශ්‍රී ලාංකේය නිරූපණ ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් සහභාගී වන, Miss Teen Sri Lanka – 2025 තරගාවලියේ, Talent Round පසුගිය ජුනි පළමු වැනිදා අති උත්කර්ෂවත් අයුරින්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලාංකේය නිරූපණ ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් සහභාගී වන, Miss Teen Sri Lanka – 2025 තරගාවලියේ, Talent Round පසුගිය ජුනි පළමු වැනිදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

ඒ, ගම්පහ වෙට් වෝටර් හෝටල් පරිශ්‍රයේදී.

ශ්‍රී ලංකාවේ අභිමානය, ජාත්‍යන්තරයට රැගෙන යාමේ ප්‍රමුඛතම තරගාවලියක් වන, Miss Teen Sri Lanka තරගාවලිය, සෙසු වසර වලට සාපේක්ෂව මෙවර කාගේත් වැඩි අවධානයට ලක් වුණා.

ඊට හේතුවූයේ, මෙවර තරගාවලිය සඳහා විවිධ දක්ෂතා වලින් සපිරි තරගකාරියන් රැසක් ඉදිරිපත්ව සිටීමයි.

මෙරට නිරූපණ කලාවට සුදක්ෂයින් රැසක් තිළිණ කළ, චරිත් ගුණසේකර මහතා, Miss Teen Sri Lanka තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය ඉදිරියේ රනින් සනිටුහන් කිරීමේ අරමුණින්, චරිත් ගුණසේකර මහතා, Miss Teen Sri Lanka තරගාවලිය මෙරටට හඳුන්වා දෙන්නේ, 2021 වසරේදීයී.

Miss Teen Sri Lanka නමැති නවමු සංකල්පය සමඟින් ලාංකේය නිරූපණ කේෂත්‍රයේ රන් රේඛා මතු කරගැනීමට ඔහු සමත්වී ඇත්තේ, 2023 වසරේ Miss Teen ජාත්‍යන්තර කිරුළ ශ්‍රී ලංකාවට දිනා දෙමින්.

2024 Miss Teen ජාත්‍යන්තර තරගාවලියේ, Best In Talent වටයේ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවට හිමිවූයේ ඔහුගේ ගුරුහරුකම් මැදයි.

සෑම වසරකම මෙන්ම මෙවර ද, Miss Teen Sri Lanka තරගාවලියේ වැඩිම අවධානයකට ලක්වූ තරග අංශය බවට, Talent Round පත්වුණා.

ඒ සදහා ඉදිරිපත්ව සිටි තරගකාරියන් සංඛ්‍යාව, 32 ක්.

එය ඉතිහාසයට එක් වන්නේ, ලාංකේය නිරූපණ තරගාවලියක් සදහා වැඩිම තරගකාරියන් පිරිසක් සහභාගී වූ අවස්ථාව ලෙසයි.

එකිනෙකාට නොදෙවනි දක්ෂතා වලින් සපිරි ඔවුන්, එහිදී තමාට අනන්‍ය වූ දක්ෂතා ප්‍රදර්ශනය කළා.

ගායනය, නර්තනය, රංගනය වැනි කලා හැකියාවන් සේම, අංගම්පොර ආදී සටන් කලාවන් ප්‍රගුණ කළ තරගකාරියන් එහිදී හඳුනා ගැනීමට විනිසුරු මඬුල්ලට හැකි වුණා.

නිරූපණ කේෂත්‍රයේ දක්ෂයින් අතරින්, සුදක්ෂයින් සොයා යන Miss Teen Sri Lanka අවසන් මහා තරගාවලිය, ලබන 22 වැනිදා මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

එහිදී රන් කිරුළ හිස දරන යුවතිය සේම, අවසන් වටයට තේරී පත්වූ සියලු තරගකාරියන්, ලාංකේය නිරූපණ කේෂත්‍රයට පෑයූ තාරකාවන්.

ඔවුන්, Miss Teen Sri Lanka තරගාවලියෙන් ලැබූ පන්නරය ඔස්සේ, හැමදාමත්, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුළ බබලවනු ඇති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්