සිරස්තල
දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය

Miss Teen Sri Lanka 2025 කිරුළ අංජනා හීනටිගලට

ශ්‍රී ලාංකේය නිරූපණ ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කළ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතාගේ විශිෂ්ට සංවිධානයෙන් පැවති Miss Teen Sri Lanka 2025 තරගාවලියේ කිරුළ අංජනා හීනටිගල

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලාංකේය නිරූපණ ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කළ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතාගේ විශිෂ්ට සංවිධානයෙන් පැවති Miss Teen Sri Lanka 2025 තරගාවලියේ කිරුළ අංජනා හීනටිගල හිමිකර ගත්තා. මෙම ජයග්‍රහණයත් සමඟ ඇයට රුපියල් මිලියන තුනක් වටිනා රන් ඔටුන්නක් සහ තවත් වටිනා ත්‍යාග රැසක් හිමි වනු ඇත.

මෙවර Miss Teen Sri Lanka 2025 සදහා තරගකාරියන් 32 දෙනෙකු ඉදිරිපත් වීම සුවිශේෂී වූ අතර, එය ශ්‍රී ලාංකේය නිරූපණ තරගාවලියක් සඳහා වැඩිම තරගකාරියන් පිරිසක් සහභාගී වූ අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.

මෙරට නිරූපණ කලාවට දක්ෂයින් රැසක් බිහිකළ චරිත් ගුණසේකර මහතා Miss Teen Sri Lanka තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය ඉදිරියේ රනින් සනිටුහන් කිරීමේ අරමුණින්, ඔහු 2021 වසරේදී මෙම තරගාවලිය මෙරටට හඳුන්වා දුන්නේය.

අවසන් තරගයේදී ජයග්‍රහණය ලැබූ අනෙකුත් දක්ෂතා දක්වූ තරගකාරියන් මෙසේය:

    • පළමු අනුශූරතාව: මුතුනි මල්ෂා
    • දෙවන අනුශූරතාව: සිතුකි පෙරේරා
    • තෙවන අනුශූරතාව: මයුමි සංජුලා
    • සිව්වන අනුශූරතාව: හසිනි වීරසූරිය

මෙම අවසන් තරගයේ විනිශ්චය මණ්ඩලයට චරිත් ගුණසේකර, නෙලුනි සෞන්දර්‍යා, හෂාන් රත්නායක, දසුනි සිනෙත්මි, ආශිකා මාතසිංහ, වත්සලා දියලගොඩ, ප්‍රාන්සි ප්‍රනාන්දු සහ දමිත් විශ්වකුල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Miss Teen Sri Lanka 2025 හි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සුදේව හෙට්ටිආරච්චි, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම තරගාවලියෙන් ලැබූ පන්නරය ඔස්සේ, මෙම තරුණියන් හැමදාමත් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුළ බබලවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්