සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

අත්අඩංගුවට ගැනීම සඳහා හිටපු මැති ඇමතිවරුන් 40කගේ ලැයිස්තුවක්

වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති අතර, මේ වන විටත් අදාළ ආයතන වෙත යොමු කර ඇති බවයි. ඔහු

මිතුරන් සමග බෙදාගන්න

වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති අතර, මේ වන විටත් අදාළ ආයතන වෙත යොමු කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ක්‍රියාවලියට සම්බන්ධ ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නිතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් උපදෙස් ලබාගන්නා බවයි. ඉදිරියේදී මේ පිළිබඳව සියලු තොරතුරු සමඟ තවත් අනාවරණයක් කිරීමට තමන් සූදානම් බවද ඔහු අවධාරණය කළා.

මෙම ලැයිස්තුවට හිටපු අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු නම් 40ක් ඇතුළත් බවයි වීරවංශ මහතා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩුවීමට ප්‍රධාන හේතුවක් වූයේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම බවට ආණ්ඩුව තුළ විශ්වාසයක් පවතින බවත්, එම විශ්වාසය මත මෙම ලැයිස්තුව සකස් කර ඇති බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

විමල් වීරවංශ මහතා මෙම ප්‍රකාශය සිදුකරේ ඊයේ (27) පැවිති හිරු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මෙම හෙළිදරව්ව දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහකට ලක්ව ඇති අතර, ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්