සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

අත්අඩංගුවට ගැනීම සඳහා හිටපු මැති ඇමතිවරුන් 40කගේ ලැයිස්තුවක්

වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති අතර, මේ වන විටත් අදාළ ආයතන වෙත යොමු කර ඇති බවයි. ඔහු

මිතුරන් සමග බෙදාගන්න

වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇති අතර, මේ වන විටත් අදාළ ආයතන වෙත යොමු කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ක්‍රියාවලියට සම්බන්ධ ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නිතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් උපදෙස් ලබාගන්නා බවයි. ඉදිරියේදී මේ පිළිබඳව සියලු තොරතුරු සමඟ තවත් අනාවරණයක් කිරීමට තමන් සූදානම් බවද ඔහු අවධාරණය කළා.

මෙම ලැයිස්තුවට හිටපු අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු නම් 40ක් ඇතුළත් බවයි වීරවංශ මහතා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩුවීමට ප්‍රධාන හේතුවක් වූයේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම බවට ආණ්ඩුව තුළ විශ්වාසයක් පවතින බවත්, එම විශ්වාසය මත මෙම ලැයිස්තුව සකස් කර ඇති බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

විමල් වීරවංශ මහතා මෙම ප්‍රකාශය සිදුකරේ ඊයේ (27) පැවිති හිරු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මෙම හෙළිදරව්ව දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහකට ලක්ව ඇති අතර, ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්