සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

අමෙරිකානු රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් නව පාප් වහන්සේ ලෙස තේරී පත් වෙයි

දින දෙකක් පුරා පැවති පාප්වරණ ක්‍රියාවලියෙන් අනතුරුව, අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් වතිකානු වේලාවෙන් අද (8) සවස් භාගයේ නව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ බව

මිතුරන් සමග බෙදාගන්න

දින දෙකක් පුරා පැවති පාප්වරණ ක්‍රියාවලියෙන් අනතුරුව, අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් වතිකානු වේලාවෙන් අද (8) සවස් භාගයේ නව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ බව නිවේදනය කෙරුණා.

ඒ අනුව, එතුමාණන් 14වන ලියෝ පාප් වහන්සේ යන නාමයෙන් හඳුන්වනු ලබනවා.

69 වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලෝකයේ 267 වන පාප් වහන්සේ වන අතර, අමෙරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප් වහන්සේ ලෙසද ඉතිහාසයට එක් වෙනවා.

එතුමාණන් බිලියන 1.4ක් වන ලොව පුරා කතෝලික ජනතාවගේ නව නායකත්වය දරනු ඇති.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව මෙම නව පාප් වහන්සේ තෝරා පත් කර ගනු ලැබුවා. 88 වන වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය අප්‍රේල් 21 වන දින වතිකානයේ පිහිටි එතුමාගේ නිවසේදී අපවත් වුණා. එයට පෙර දින එතුමාණන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දේව මෙහෙයට සහභාගී වී සිටියා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්