සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

අමෙරිකානු රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් නව පාප් වහන්සේ ලෙස තේරී පත් වෙයි

දින දෙකක් පුරා පැවති පාප්වරණ ක්‍රියාවලියෙන් අනතුරුව, අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් වතිකානු වේලාවෙන් අද (8) සවස් භාගයේ නව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ බව

මිතුරන් සමග බෙදාගන්න

දින දෙකක් පුරා පැවති පාප්වරණ ක්‍රියාවලියෙන් අනතුරුව, අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් වතිකානු වේලාවෙන් අද (8) සවස් භාගයේ නව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ බව නිවේදනය කෙරුණා.

ඒ අනුව, එතුමාණන් 14වන ලියෝ පාප් වහන්සේ යන නාමයෙන් හඳුන්වනු ලබනවා.

69 වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලෝකයේ 267 වන පාප් වහන්සේ වන අතර, අමෙරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප් වහන්සේ ලෙසද ඉතිහාසයට එක් වෙනවා.

එතුමාණන් බිලියන 1.4ක් වන ලොව පුරා කතෝලික ජනතාවගේ නව නායකත්වය දරනු ඇති.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව මෙම නව පාප් වහන්සේ තෝරා පත් කර ගනු ලැබුවා. 88 වන වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය අප්‍රේල් 21 වන දින වතිකානයේ පිහිටි එතුමාගේ නිවසේදී අපවත් වුණා. එයට පෙර දින එතුමාණන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දේව මෙහෙයට සහභාගී වී සිටියා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්