සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

අමෙරිකානු හමුදාවෙන් ඉන්දියන් සාගරයේදී තෙල් නැවකට ප්‍රහාරාත්මක වැටලීමක්

ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ, සම්බාධක පැනවූ “Aquila II” නමැති තෙල් නැවකට අමෙරිකානු හමුදා බලහත්කාරයෙන් ඇතුළු වී පරීක්ෂාවට ලක් කළ බව පෙන්ටගනය නිල වශයෙන් තහවුරු

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ, සම්බාධක පැනවූ “Aquila II” නමැති තෙල් නැවකට අමෙරිකානු හමුදා බලහත්කාරයෙන් ඇතුළු වී පරීක්ෂාවට ලක් කළ බව පෙන්ටගනය නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම නෞකාව කැරිබියන් මුහුදේ සිට අඛණ්ඩව ලුහුබැඳ ඒමෙන් අනතුරුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ මෙම නෞකාව වෙනිසියුලාවට සම්බන්ධ දැයි සෘජුව සඳහන් කර නැතත්, වෙනිසියුලාව සිය බොරතෙල් ජාවාරම් සඳහා ව්‍යාජ ධජ යටතේ ක්‍රියාත්මක වන “සෙවනැලි නෞකා” (Shadow fleet) භාවිත කරන බවට ජාත්‍යන්තර චෝදනා පවතී.

නෞකා ගමන්මග නිරීක්ෂණය කරන ‘TankerTrackers.com’ වෙබ් අඩවියේ සම-නිර්මාතෘ සමීර් මදානි පවසන්නේ:

“මෙම ‘Aquila II’ නෞකාව පසුගිය මාසයේ වෙනිසියුලානු වෙරළෙන් පිටත් වූ නෞකා 16 න් එකක් බවයි.එය එවකට සිටි ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පිටත් වූවකි.රුසියානු තෙල් ජාවාරමට සම්බන්ධ වීම නිසා මෙම නෞකාවට දැනටමත් අමෙරිකානු සම්බාධක පනවා ඇත.”

සඳුදා දින ලැබුණු දත්ත වාර්තා අනුව, වැටලීමට ලක්වන අවස්ථාව වන විට නෞකාව තුළ බොරතෙල් තොගයක් පටවා තිබී නැත. පැනමා ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව පරීක්ෂා කිරීමේ සහ බාධා කිරීමේ මෙහෙයුම හමුදාව විසින් සාර්ථකව සිදු කර ඇති බව දකුණු බලඇණිය (US Southern Command) තහවුරු කරයි.

කෙසේ වෙතත්, මෙම හදිසි වැටලීමට හේතුව හෝ ඉන් අනාවරණය කරගත් තොරතුරු පිළිබඳව වැඩිදුර ප්‍රකාශයක් නිකුත් කිරීම පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්