සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

අමෙරිකාවේ පාසල් හොකී තරගයක් අතරතුර වෙඩි තැබීමක්

අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ පැවැති උසස් පාසල් හොකී තරගයක් අතරතුර සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල

මිතුරන් සමග බෙදාගන්න

අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ පැවැති උසස් පාසල් හොකී තරගයක් අතරතුර සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරය එල්ල කළ සැකකරු ද පසුව තමාටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙය පොදු ස්ථානයක සිදුකළ අහඹු ප්‍රහාරයක් නොව, කිසියම් පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් සැලසුම් සහගතව සිදුකළ වෙඩි තැබීමක් බවයි. මෙයට පාදක වී ඇත්තේ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනා මේ වන විට ප්‍රාදේශීය රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. තරගය නැරඹීමට පැමිණ සිටි සිසුන් සහ දෙමාපියන් මෙම සිදුවීමත් සමඟ දැඩි කම්පනයට පත්ව ඇති අතර, ආරක්ෂක හේතූන් මත ප්‍රදේශයේ සියලුම පාසල් ක්‍රීඩා තරග තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රෝඩ් අයිලන්ඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය සැකකරු වෙත ලැබුණු ආකාරය පිළිබඳව ද සොයා බලමින් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්