සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

“ආණ්ඩුව රාජ්‍ය බලය අවභාවිත කරමින් මර්දනය දියත් කරනවා” – නාමල් රාජපක්ෂ චෝදනා කරයි

ආණ්ඩුව තම උපරිම බලයත්, රාජ්‍ය නිලධාරීනුත් යොදා ගනිමින් මර්දනය දියත් කරමින්, බලය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී

මිතුරන් සමග බෙදාගන්න

ආණ්ඩුව තම උපරිම බලයත්, රාජ්‍ය නිලධාරීනුත් යොදා ගනිමින් මර්දනය දියත් කරමින්, බලය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (ජූනි 18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ආණ්ඩුව තම දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් මර්දනය කිරීමටද කටයුතු කරන බවයි.

ආණ්ඩුව සිදුකරන දේවල් අසාර්ථක වන විට, ඊට විරුද්ධව කතා කරන මන්ත්‍රීවරුන්ට පහරදීමට උත්සාහ කරන බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා. ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියකට ජාතික ජන බලවේගය (NPP) පක්ෂයේම පුද්ගලයෙක් පහර දී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ කාන්තා හිංසනයට එරෙහිව ක්‍රියා කරන බවටත්, කාන්තාවන්ට නිසි තැන ලබා දෙන බවටත් පොරොන්දු වෙමින් බවද මන්ත්‍රීවරයා මතක් කළා. ඔහු අවධාරණය කර සිටියේ, මෙම පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, ආණ්ඩුව කියන ‘කයිවාරු’ (හිස් වචන) ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව තමන් බලා සිටින බවත්ය.

මෙම චෝදනා සහ සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ ප්‍රතිචාරය කෙසේ වේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්