සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

ඉන්දියාවේ වසන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

තමිල්නාඩු ප්‍රාන්තයේ වසර 40කට අධික කාලයක් වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දීය පුරවැසිභාවය ලබා දෙන ලෙස එරට ප්‍රාන්ත මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා

මිතුරන් සමග බෙදාගන්න

තමිල්නාඩු ප්‍රාන්තයේ වසර 40කට අධික කාලයක් වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දීය පුරවැසිභාවය ලබා දෙන ලෙස එරට ප්‍රාන්ත මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගෙන් නිල ඉල්ලීමක් කර තිබේ.

ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකක පමණ කෙටි කාලයක් ඉතිරිව තිබියදී මහ ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කිරීම දේශපාලනික වශයෙන් ද විශේෂත්වයක් ගනී.

අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ස්ටාලින් මහතා පෙන්වා දී ඇත්තේ තමිල්නාඩුව තුළ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව 89,000ක් පමණ ජීවත් වන බවයි. ඔවුන් පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් එහි සඳහන් වේ,

මෙම පිරිසෙන් 40%කට ආසන්න පිරිසක් ඉන්දියාවේම උපත ලැබූවන් වේ. 1983 වසරේ සිට පැවති විවිධ තමිල්නාඩු රජයන් මධ්‍යම රජයේ සහාය ඇතිව මොවුන්ට අධ්‍යාපන, සෞඛ්‍ය සහ නවාතැන් පහසුකම් සලසා දී ඇත. දශක හතරක කාලයක් ගත වුවද, මෙම ජනතාවගෙන් බහුතරයකට මෙතෙක් පුරවැසිභාවය හෝ ස්ථිර වීසා බලපත්‍ර හිමිව නොමැත.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සරණාගත පිරිස අතරින් මෙතෙක් පුරවැසිභාවය හිමිව ඇත්තේ පුද්ගලයන් 11 දෙනෙකුට පමණි.

එම 11 දෙනාගෙන් දැනට ඡන්ද අයිතිය හිමිව ඇත්තේ එක් අයෙකුට පමණි.

සෙසු 10 දෙනා තමන්ව ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා මේ වන විට අයදුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවති වාර්ගික ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පළා ගිය මෙම ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට නීත්‍යානුකූල පුරවැසිභාවය ලබා දීම අත්‍යවශ්‍ය මානුෂීය පියවරක් බව මහ ඇමතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්