සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ඉන්දියාව කාන්තා තුන්කොන් ක්‍රිකට් ශූරතාව දිනයි

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද (11) ඉන්දියාව ජයග්‍රහණය කළා. අවසන් තරගයේදී ඔවුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද (11) ඉන්දියාව ජයග්‍රහණය කළා. අවසන් තරගයේදී ඔවුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස් කළා. ඉන්දියාවේ ස්මෘති මන්දනා පන්දු 101කදී ලකුණු 116ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 15ක් ඇතුළත් වුණා.

ලකුණු 343ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 10ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 51ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 48ක් ලබා ගත්තත්, අනෙක් කිසිම ක්‍රීඩිකාවකට සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී ඉන්දියාවේ ස්නේ රානා කඩුලු 4ක් ලකුණු 38කටත්, අමන්ජොත් කෞර් කඩුලු 3ක් ලකුණු 54කටත් දවා ගත්තා.

තරගයේ වීරවරිය ලෙස ශතකයක් ලබාගත් ස්මෘති මන්දනා සම්මාන දිනා ගත්තා. තරගාවලියේ වීරවරිය සම්මානය දිනා ගත්තේ ස්නේ රානායි. ඇය තරගාවලිය පුරා කඩුලු 15ක් දවා ගත්තා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු අතර, සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තරග 4ක් බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. ඉන් තරග 3ක් ජයගත් ඉන්දියාවත්, තරග 2ක් ජයගත් ශ්‍රී ලංකාවත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය කළ හැකි වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක් තරගයක් පමණයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්