සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ඉන්දු-පාකිස්තාන් සටන් විරාමය තිරසාර සාමයේ පළමු පියවරයි – ජනපති අනුර කුමාර දිසානායක

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ සටන් විරාම එකඟතාවය අගයමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩයේ ජනාධිපතිතුමා

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ සටන් විරාම එකඟතාවය අගයමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයේ ජනාධිපතිතුමා පවසන්නේ මෙම තීරණය දෙරටේම අහිංසක ජීවිත බේරා ගැනීමට ගත් වැදගත් එකඟතාවයක් පමණක් නොව, ස්ථිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය සඳහා තැබූ පළමු පියවර බවයි. විශාල විනාශයක් සිදුවීමට පෙර ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් ගැටලු විසඳා ගැනීමට ආයුධ වෙනුවට වචන භාවිතා කිරීමට තීරණය කිරීම ඔවුන්ගේ නුවණ සහ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව පෙන්නුම් කරන බවත් එහි සඳහන් වෙනවා.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ගැටලු සාමකාමීව විසඳා ගැනීමට මඟ පෑදිය යුතු බවයි. දෙරටේ අඛණ්ඩ සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බවත්, කලාපීය සාමය මේ යුගයේම අත්කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්