සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ඉන්දු-පාකිස්තාන් සටන් විරාමය තිරසාර සාමයේ පළමු පියවරයි – ජනපති අනුර කුමාර දිසානායක

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ සටන් විරාම එකඟතාවය අගයමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩයේ ජනාධිපතිතුමා

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ සටන් විරාම එකඟතාවය අගයමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයේ ජනාධිපතිතුමා පවසන්නේ මෙම තීරණය දෙරටේම අහිංසක ජීවිත බේරා ගැනීමට ගත් වැදගත් එකඟතාවයක් පමණක් නොව, ස්ථිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය සඳහා තැබූ පළමු පියවර බවයි. විශාල විනාශයක් සිදුවීමට පෙර ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් ගැටලු විසඳා ගැනීමට ආයුධ වෙනුවට වචන භාවිතා කිරීමට තීරණය කිරීම ඔවුන්ගේ නුවණ සහ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව පෙන්නුම් කරන බවත් එහි සඳහන් වෙනවා.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ගැටලු සාමකාමීව විසඳා ගැනීමට මඟ පෑදිය යුතු බවයි. දෙරටේ අඛණ්ඩ සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බවත්, කලාපීය සාමය මේ යුගයේම අත්කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්