සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

ඉන්දු – පාකිස්තාන දේශසීමාවේ යළිත් නොසන්සුන්තාවක්

පසුගිය අප්‍රේල් 22 වන දින ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස, ඉන්දියාව විසින් පාකිස්තානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ගේ බව කියන

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය අප්‍රේල් 22 වන දින ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස, ඉන්දියාව විසින් පාකිස්තානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ගේ බව කියන ඉලක්ක නවයකට පහර දී තිබේ. “ඔපරේෂන් සින්දූර්” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ බව සඳහන් වේ.

මෙම ඉන්දීය ප්‍රහාර හේතුවෙන් ළමුන් ද ඇතුළුව සිවිල් වැසියන් 26 දෙනෙකු මියගොස් තවත් 46 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තානය චෝදනා කරයි. තවද, ඉස්ලාමීය දේවස්ථාන සහ සිවිල් වැසියන්ගේ දේපළවලට දැඩි හානි සිදු වූ බවද ඔවුන් පෙන්වා දෙයි. ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය ප්‍රහාරක යානා පහක් බිම හෙලූ බවත්, මෙම “නිර්දය යුද ප්‍රකාශ කිරීමට” නිසි පිළිතුරු දීමට තමනට අයිතියක් ඇති බවත් පාකිස්තාන හමුදා ප්‍රකාශක අහමඩ් ෆරීෆ් චවුද්රි අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, ඉන්දීය ගුවන් යානා බිම හෙලූ බවට වන පාකිස්තාන ප්‍රකාශය ඉන්දීය රජය විසින් මෙතෙක් තහවුරු කර නොමැත. මෙම පසුබිම මැද, ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ගමකට කඩා වැටුණු, ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ජෙට් යානයක සුන්බුන් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබිණි.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, පෙහෙල්ගාම් ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දීය බුද්ධි අංශ තොරතුරු තහවුරු කර ඇති බවයි. පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත තෝතැන්නක් සපයන බවට චෝදනා කළ ඒ මහතා, ඉන්දියාව මෙම ප්‍රහාර දියත් කළේ දේශසීමාව හරහා එල්ලවන ත්‍රස්තවාදයට ප්‍රතිචාරයක් ලෙස බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ඉන්දීය පොලීසිය පවසන්නේ පාකිස්තාන හමුදාව විසින් ඉන්දීය කාශ්මීරයේ දේශසීමා ආසන්න ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් දස දෙනෙකු මිය ගොස් 48 දෙනෙකු තුවාල ලැබූ බවත්ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්