සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව

මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව, ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාරාත්මක මෙහෙයුම්

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව, ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාරාත්මක මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන බව අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කරයි.

ඉරාන හමුදාව විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, තම කෲස් මිසයිල ප්‍රහාර හමුවේ අදාළ නෞකාවට සිය ස්ථානය වෙනස් කිරීමට සිදු වූ බවයි. ඉරානය කළ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු බලධාරීන් මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.

අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ ඉරානයේ ප්‍රහාරයන්ගෙන් තම මෙහෙයුම්වලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවයි. නෞකාව ආරක්ෂිතව කලාපීය මුහුදු සීමාවේ රැඳී සිටිමින්, සැලසුම් කළ පරිදිම ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වයත් සමඟ කලාපීය මුහුදු සීමාවේ පවතින යුදමය උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, දෙපාර්ශවයම සිය ප්‍රහාරක ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්