සිරස්තල
ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙකු මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ

මිතුරන් සමග බෙදාගන්න

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවය.

මේ අතර ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණි.

ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන්ප්‍රහාරයක් ද එල්ල කළේය.

විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බවය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්